මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මකවේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමිනි.
ඔවුන් පසුගිය 19 වැනි දා සිට ඩෙංගු, බරවා, මී උණ ඇතුළු සියලු බෝවන රෝග නිවාරණ කටයුතුවලින් ඉවත් විය.
එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ, සිය වෘත්තිය සමිති ක්‍රියමාර්ගය සඳහා තව ත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක පමණ සහය ලැබීමට නියමිත බවයි.



