වලස්මුල්ලේ නිවසක් තුළ තිබූ හමුදා නිල ඇඳුම් හමුවේ

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “බැරල් සුනිල්“ නමැත්තාගේ සමීපතමයෙකු වන උදේනි නොහොත් “කිරියා“ යන අය වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා තංගල්ල කඳවුරේ නිලධාරින් පිරිසක් එක්ව සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

 

අත්අඩංගුවට ගත් 58 හැවිරිදි සැකකරු යුද හමුදා සේවය හැරගිය අයෙකු බව සඳහන්ය. එහිදී සැකකරුගේ නිවසේ සඟවා තිබී යුද හමුදා ඇඳුම් කිහිපයක් සහ ජිව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News