නෙළුව, දූවිලි ඇල්ලේ, ඉහළ කලාපයේ සිය පෙම්වතිය සමග දිය නෑමට ගිය තරුණයෙක් එම ස්ථානයේ වු ගලක් මත සිට “සෙල්ෆි“ ජායාරූපයක් ගැනීමට යෑමේ පය ලිස්සා ගොස් දිය ඇල්ලෙන් පහළට වැටී ජීවිතක්ෂයට පත් ව ඇතැයි නෙළුව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 35 හැවිරිදි නෙල්සන් පෙදෙස, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි එන්.එන්.රත්නරාජා නැමති අයෙකි.
පෙරේ දා (19) සවස 3.15ට පමණ මෙය සිදුවී ඇති අතර, තරුණිය උදව් ඉල්ලා කෑගසන හඬ ඇසී තමා උදව් කිරීමට පැමිණි බව තරුණයා ගොඩ ට ගත් විජේරත්න නැමැත්තා පැවසීය.
අනතුරුව තරුණයා නෙළුව ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යවා තිබේ.
මිය ගිය පුද්ගලයාගේ පෙම්වතිය කොළඹ පිහිටි ප්‍රසිද්ධ රෝහලක වෛද්‍යවරියක් බව වාර්තා වේ.



