වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම්

Share

තෙල්දෙණිය, අඹකොට් ප්‍රදේශයේ දී වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය 20 හැවිරිදි තරුණයෙක් අතුරුදන් ව තිබේ.

 

ඊයේ (21) සවස 1ට පමණ තෙල්දෙණිය පොලීසියට ලද තොරතුරක් මත මේ වනවිටත් විමර්ශන සිදුකෙරේ.

මෙසේ දියේ ගිලී අතුරුදන් ව ඇත්තේ අඹකොටේ, කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මහනුවර පොලිස් නාවික කොට්ඨාසය හා කොඹළ නාවික හමුදා මුලස්ථානයේ කිමිඳුම්කරුවන්ගේ සහය ඇති ව දියේ ගිලී අතුරුදන් වු තරුණයා සොයා තවදුරටත් තෙල්දෙණිය පොලීසිය විමර්ශන පවත්වයි.

Read more

Local News