අද උදෑසන මාතර, අනගාරික ධර්මපාල මාවතේ පෞද්ගලික ආයතනයක ගින්නක් හටගෙන තිබේ.
උදෑසන 7.15ට පමණ ගින්න හටගෙන තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළේය.
මහල් 4කින් යුත් එම ගොඩනැගිල්ලේ දෙවන මහලේ ගින්න හටගෙන ඇතැයි අප වාර්තාකරු පැවසුවේ ය.
ගොඩනැගිල්ලේ බිම් මහලට ද ගින්න පැතිර ගොස් තිබේ.
මාතර මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය, මාතර පොලීසිය, යුධ හමුදාව ගින්න මැඩ පැවැත්වීමට එක්ව සිටී.
පොලීසිය පැවසුවේ අවට ආයතනවලට ගින්න පැතිරයාමේ අවදානමක් නොමැති බවය.
ගින්න හටගත් ගොඩනැගිල්ල අවට ප්රදේශයේ විදුලිය සම්පූර්ණයෙන් විසන්ධි කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.
මෙම ගොඩනැගිල්ල අවට ආයතනවල සේවය කරන සේවකයින් ආරක්ෂිතව ප්රදේශයෙන් ඉවත්ව සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.



