වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත මහජන සෞඛ්‍ය අධ්යක්ෂවරුන් (PHI) හා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත ය.
ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේදී ය.
මෙම සාකච්ඡාවට මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනාරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මියද සහභාගිවීමට නියමිත ය.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග ද ඊයේ දිනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සාකච්ඡාවක් පැවැත්විය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ, කොරොනා මර්දන කටයුතු සඳහා නෛතික බලතල ලබා නොදීමට විරෝධය පළ කරමින් පසුගිය බ්‍රහස්පතින්දා සිට තමන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතව සිටින බවයි.



