එක්සත් ජාතික පක්ෂය අද වන විටත් කටයුතු කරන්නේ දිවංගත ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ අවවාද අනුශාසනා අනුව බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීමට පැවති ජනහමු මාලාවේ තවත් පියවරක් කොම්පඤ්ඤ වීදියේදී පසුගියදා පැවති අතර එහිදී ඔහු මෙම අදහස් පළ කළේය.
කිසිදිනක තමන්ට උදව් කළ පුද්ගලයෙකුට බනින්නට එපා යැයි දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා, තමන්ට පැවසු බවත් එම ගුණය තමා ළඟ තවමත් තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම, තමන් හැදුනු වැඩුනු පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් තමා කිසි දිනක පක්ෂයෙන් පිට නොගිය බවත් ඒ මහතා පැවසීය.
පක්ෂය විනාශ නොකර පක්ෂය ආරක්ෂා කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.



