පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් ගිලා බැසීමට හේතුව භූමිය අභ්‍යන්තරයේ ඇතිවූ පැල්මක් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.
එහි පර්යේෂණ කණ්ඩායමක් පසුගිය සති කිහිපයේ එම ප්‍රදේශයේ විමර්ශනයක නිරත විය.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා කළේ, එම තත්ත්වයට පිළියම් යෙදීමට නියමිත බවයි.
මෙම ගිලා බැසීම් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 100 කට පමණ හානි සිදු විය.



