ලිංගික චෝදනාවක් නිසා නවසීලන්ත කැබිනට් අමාත්‍යවරයෙක් සේවයෙන් ඉවතට

Share

තම කාර්යාලයෙහි සේවයේ නියුතුව සිටි සේවිකාවක් සමග “අසම්මත සම්බන්ධතාවක්” පවත්වා ගෙන ගිය බවට පිළිගත් කැබිනට් අමාත්‍යවරයෙක් සේවයෙන් ඉවත් කිරීමට නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් කටයුතු කර තිබේ.

 

එම සිද්ධිය වාර්තා වූයේ නවසීලන්තයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන ඇන්ඩ්‍රැ ෆල්ලෝන් නම් මන්ත්‍රීවරයා තරුණ කාන්තාවකට ලිංගික කාරණා සම්බන්ධයෙන් කෙටි පණිවුඩ යැවූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ය.

අගමැතිනි අර්ඩන් පැවසුවේ ඉයන් ලීස්-ගැලොවේ අමාත්‍යවරයාව ඔහු ගේ තනතුරින් ඉවත් කළේ ඔහුට එරෙහිව ඇති චෝදනා පිළිබඳ ව දැනගැනීමෙන් පසුව බවය.

“ඔහු පිළිගත්තා ඔහු කර ඇති වරද පිළිබඳ ව. ඔහු එළඹෙන මැතිවරණයට ඉදිරිපත් නොවීමටත් එකඟ වුණා.”

Read more

Local News