නැවතත් රට දෙකඩ වෙන්න දෙන්නේ නෑ – අගමැති

Share

අනාගතයේදී රට බෙදා වෙන් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 

මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජන හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පූජාපිටිය, මාරතුගොඩ ප්‍රදේශයේදී  ඊයේ (21) පැවැත්වුණු අතර එහිදි ජනතාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වසර 30ක් පැවති යුද්ධය වසර දෙකහාමාරක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට හැකි වු බවත් එම නිසා නැවතත් රට දෙකඩ කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරණයේ දී අනුමක කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැක්කේ මහ මැතිවරණයේ දී බව ද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

මහ මැතිවරණයෙන් විරුද්ධ පක්ෂය ජයග්‍රාහණය කළහොත් කිසිවිටෙකත් එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News