මගේ පියාව වගේම මාවත් විශ්වාස කරන්න – සජිත්

Share

තමාගේ පියා විශ්වාස කළා සේම තමා පිළිබඳවත් විශ්වාසය තබන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වතුකරයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජන හමුවක් හපුතලේ නගර සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (21) එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මහ මැතිවරණයෙන් ජයග්‍රාහණය කළහොත් ස්ථාවර ආර්ථිකයක් රට තුළ ගොඩනැගෙන තුරු ආර්ථික අපහසුතා පවතින පවුල් සඳහා මස්පතා රුපියල් 20,000ක මුදල් ලබා දීමට කටයුතු කරන බවය.

ඒ සම්බන්ධයෙන් ගණනය කිරීම් මේ වන විටත් තම පක්ෂයේ සමාජිකයින් විසින් සිදු කර අවසන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් හො හැකියාවක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News