කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක්

Share

කන්දකාඩු කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව පුනරුත්ථාපනය වෙමින් සිටින කොවිඩ් -19 ආසාදිතයින් දෙපිරිසක් අතර ඊයේ (21) ගැටුමක් ඇති වී තිබේ.

 

එහිදී 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

එම ගැටුම හට ගෙන ඇත්තේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වෙමින් සිටිය දී කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් පිරිසක් අතර බව ඒ මහතා කියා සිටියේය.

කන්දකාඩු කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් 370ක පමණ පිරිසක් සිටින බව වාර්තා වේ.

මෙම ගැටුම සමථයකට පත්කිරීම සඳහා යුද හමුදාව මැදිහත් වී ඇති අතර, තුවාලකරුවන් යුද හමුදාව විසින් වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

මේ වන විට කන්දකාඩු කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තත්ත්වය සමථයකට පත්කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News