කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා පෙර-පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන් මිලියන 40ක පමණ පිරිසකගේ අධ්‍යාපන කටයුතු අතපසු වි ඇති බව “යුනිසෙෆ්“ සංවිධානය පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් අත්‍යාවශ්‍ය හා විවිධ රාජකාරි සඳහා යොමුවි ඇති මව්පියන්ගේ දරුවන්ට ළමා රැකවරණය ද ගිළිහී ඇති බවට නිරික්ෂණය වි ඇතැයි එම සංවිධානය පෙන්වා දී තිබේ.
එමෙන්ම අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල් 54 ක වයස අවුරුදු 3 ත් 5 ත් අතර ළමුන්ගෙන් සියයට 40 ක පමණ පිරිසකට මුලික ඉගෙනුම් සහාය නොලැබෙන බවද යුනිසෙෆ් සංවිධානය පවසයි.
පෙර පාසල් හා ප්‍රාථමික ශ්‍රේණි අධ්‍යාපනයේ ප්රතිලාභ නැවත දරුවන්ට ලබාදීමේ කාර්යය ලොව සියලු රටවල් විසින් ප්රමුඛ ව සලකා ක්‍රියාකළ යුතු බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දි ඇත.




