මෙරට කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2731 දක්වා ඉහළට

Share

තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ සමීපතමයෙකු මෙසේ කොවිඩ් ආසාදිතයෙකු ‍ලෙස හඳුනාගෙන ඇත.

ඔහු නොරොච්චෝලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2731 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 16 දෙනෙකු අද (22) සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2064 දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 656කි.

Read more

Local News