පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 26 වන දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එහිදි තැපැල් ජන්දය සලකුණු කිරිමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර , අවශ්‍ය නම් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අමතර දිනයන් ලබා දිමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මේ අතර රාජ්‍ය සේවකයින් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා සහභාගි විම අනිවාර්යය බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.



