මුහුදු මාර්ගයෙන් මෙරට ට ගෙනවන ලද බීඩි කොළ තොගයක් සමග පුද්ගලයින් 08 දෙනෙකු කප්පල්අඩිය මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
සැකකරුවන් සතුව තිබි මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1156ක් සොයාගෙන තිබේ.
ඔවුන් සතුව තිබු බෝට්ටුවක් සහ ලොරි රථ දෙකක් ද පොලිසය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
සැකකරුවන් ගලේවෙල හා තලවිල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අද (23) දින පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



