රාජ්‍ය සේවකයින්ගේ පවතින සියලු වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ සියලු වැටුප් විෂමතා ජාතික වැටුප් කොමිසමට යොමු කර ඒවා ඉවත් කිරීමට අදාළ වැඩසටහනක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය රැස්වු අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.
මේ අතර රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලුම විශ්‍රාමිකයින් ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ඕනෑම විශ්‍රාමිකයෙකුට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.
ඊට අදාළව ප්‍රධාන නගරවල පිහිටි රජයේ රෝහල්වලින් මෙම රක්ෂණ ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරයට “රාජ්‍ය සේවකයින් සඳහා වන විශේෂිත වාට්ටු සංකීර්ණ” ඇති කිරීමට සැළැස්මක් සකස් කිරීමට ද කැබිනට් සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා උපදෙස් දුන් බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.



