බෙදී වෙන්ව කිසිදු ජයක් ලබන්න බෑ – අගමැති

Share

එක්ව මැතිවරණයක් ජයගත නොහැකි එක්සත් ජාතික පක්ෂයට, බෙදී වෙන්ව කිසිදු ජයක් ලබාගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව ප්‍රදේශයේ දී ඊයේ (22) පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

ඉදිරි මහ මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැති නමුත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමට අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ සහ මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මහත්වරුන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කඩුවෙල ප්‍රෙද්ශයේ සංවිධාන කර තිබූ ජනහමුවකටද අග්‍රාමාත්‍යවරයා එක්ව සිටියේය.

Read more

Local News