වාද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

Share

අද පෙරවරු 8 සිට රාත්‍රි 8 දක්වා වාද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව වාද්දුව , වස්කඩුව, කළුතර උතුර හා දකුණ, කටුකුරුන්ද ,නාගොඩ,පයාගල,පිලිමිනාවත්ත යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව බෝම්ඹුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට යන ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය දැනුම් දෙයි.

කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් ජල සැපසුම අත්හිටුවනු ඇති.

Read more

Local News