මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිති.
ඒ , පසුගියදා නිකුත් කළ නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කිරිමේ ගැසට් නිවේදනයට අනුව සිය වෘත්තීයට අසාධාරණයක් වූ බව පවසමිනි.
ඊට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 7 ක් කොරොනා මර්දන රාජකාරිවලින් හා ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් විය.
ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, ගැටලුවට විසඳුම් නොලැබුණ හොත් , වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරන බවයි.



