කොළඹ බලා ධාවනය වු පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

Share

තෙල්දෙණිය පොලිස් වසමේ බෝක්කු කණුව අසළ දී අම්පාර සිට කොළඹ බලා ධාවනය වු පුද්ගලික බස් රථයක හදිසි ගින්නක් හටගෙන තිබේ.

 

ඊයේ (24) රාත්‍රී 7.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර පොලීසිය හා මහනුවර නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා ඇත.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.

තෙල්දෙණිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News