බදුල්ලෙන් පොහොට්ටුව නියත වශයෙන්ම ජයගන්නවා – මහින්ද

Share

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියත වශයෙන්ම ජය ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

බදුල්ලේ පැවති ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව සඳහන් කළේය.

ආර්. ප්‍රේමදාස පාලන සමයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් තරුණ තරුණියන් 4792කට වැඩි පිරිසක් මරා දැමු බව එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා පැවසීය.

භීෂණය රජ කළ යුගය අවසන් කර බදුල්ල දිස්ත්‍රික්කය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.

Read more

Local News