දිවයිනේ සියලු පාසල් වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු අද (27) යළි ආරම්භ කරයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දරුවන් පාසලට පැමිණීමේ දී, රැදිසිටිමේ දී සහ පිටවීමේ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.
මේ අතර පාසල් වෙත පැමිණිය යුත්තේ ඉගැන්වීම් සිදු කෙරෙන පන්තිවලට අදාල ගුරුවරුන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළේය.
අගෝස්තු 10 වනදා අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමේදී සියලුම ගුරුවරුන් සේවයට වාර්තා කළ යුතු වේ.
එහෙත් සියලු අනධ්‍යයන සේවකයන් අඛණ්ඩව පාසල් වෙත වාර්තාකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.



