සැබෑ සිංහල බෞද්ධ ආණ්ඩුවක් බිහිවන්නේ තමා ප්රමුඛ සමගි ජන බලවේගය බලයට පත්වීමෙන් පමණක් බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
සමගි ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් තිස්සමහාරාම ප්‍රදේශයේදී ඊයේ පැවති අතර ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා එහි පැමිණි පළමු අවස්ථාවද මෙය වේ.
මෙ අතර , සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ තවත් ජනහමුවක් ඊයේ (26) කැස්බෑව ප්‍රදේශයේදී පැවැත්විය.
එහිදි ඔහු පැවසුවේ ආයෝජනය, පාරිබෝජනය සහ ඉතිරි කිරීම තුලින් රටේ ආර්ථිකය වර්ධනය වන බවය.
ලෝකයේ අනෙක් රටවල් එම ක්‍රමය අනුගමනය කරන බවත් එම ක්‍රමය අනුගමනය නොකරන එකම රට ලංකාව බවත් ආණ්ඩුව මෙම ආණ්ඩුවබවත් ඔහු පැවසීය.



