කොවිඩ් වසංගතය වැනි දුෂ්කර අවස්ථාවකදී වුවත් අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට නිසි ගෞරවය දැක්වීමට කටයුතු කළේ ඔහු, කඳුකරයේ දෙමළ ජනතාව වෙත එල්.ටී.ටී.ඊ. මතවාදය කාන්දු වීමට ඉඩ නොදුන් නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ හැටන් නගරයේ ඊයේ (26) පැවති ජන හමුවකට එක්වෙමිනි.
මෙවර මහ මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරගවදින ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හැටන් නගරයේදී පැවැත්විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සිය බලාපොරොත්තුව වන්නේ වතුකරයේ ජනතාව වතුකරයටම සිරකර නොතබා එයින් එළියට ගැනීම බවය.
වතු කම්කරුවන්ගේ අයිතීන් සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසු ස්ථිර විසඳුමකට පැමිණෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.



