කංජිපානිගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ, කොටහේන ප්‍රදේශයේදී ය.

පොලීසිය පැවසුවේ, කොටහේන, මැල්වත්ත ප්‍රදේශයේ කළ වැටලීමකින් ප්‍රබල පාතාල කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් එකයි, මිලිග්රෑම් 800 ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

2019 පෙබරවාරි මස 14 වනදා ආශා පාරික් කමල්දීන් නැමැති කාන්තාව වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය නඩු පවරා ඇතැයි පොලීසිය පැවසුවේ ය.

සැකකරු 30 හැවිරිදි මෛත්‍රී බෝධීරාජ මාවත, කොළඹ 12 පදිංචිකරුවෙකි.

ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.

මේ අතර ඊයේ සවස කොටහේන මහා විද්‍යාල මාවතේ කළ වැටලීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් සහ 2018 වසරේ අලුත්කඩේ පල්ලිය ආසන්නයේදී ඝාතනයට ලක්වූ මොහොමඩ් හුසේයින් මොහොමඩ් රිස්කාන් නැමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ බවට අනාවරණ වී ඇති බවයි.

43 හැවිරිදි සැකකරු වෙන්නවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Read more

Local News