ඊයේ හමු වූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

Share

අද (27) උදෑසන 6 දක්වා පසුගිය පැය 24 තුළදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) හඳුනාගෙන තිබෙන බව කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් පස් දෙනෙකු, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ආශ්‍රය කළ එක් පුද්ගලයෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයෙකු, වැලිකඩ බන්ධනාගාරයෙන් එක් පුද්ගලයෙකු සහ විදේස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් හතර දෙනෙක් ඒ අතර වේ.

මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කේන්ද්‍රව හටගත් කොවිඩ් පොකුරේ ආසාදිතයින් 580 දෙනෙකු හමු වී තිබේ.

 

Read more

Local News