කොරෝනා වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දී තිබුු ඉරිදා දහම් පාසල් අදියර දෙකක් යටතේ ආරම්භ කිරිමට කටයුතු සූදානම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරැම මහතා සදහන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව 6 සිට 13 ශ්‍රේණි දක්වා අගෝස්තු 16 ද 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය කර ඇත.



