කුඩු හේමමාලාගේ සගයෙකයෙක් අත්අඩංගුවට

Share

මහ පරිමාණ හෙරොයින් ජාවාරම්කාරියක ලෙස සැක කෙරෙන වන ශ්‍රියානි හේමමාලා හෙවත් “කුඩු හේමමාලා“ ගේ කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

රාජගිරිය ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම නිවසේ සගවා තිබූ ව්‍යාජ ලියාපදිංචි අංක තහඩු සහිත යතුරුපැදි දෙකක් සහ ලියාපදිංචි කර නොමැති යතුරුපැදියක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම විතානාරච්චිලාගේ ප්‍රවීන් මල්සර නැමැත්තා වන අතර ඔහු වැඩිදුර විමර්ශන සදහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දි තිබේ.

Read more

Local News