යහපාලන ආණ්ඩුව වසර පහක කාලයක් නාස්ති කළා – අගමැති

Share

පසුගිය රජය කාලයේ අතරමඟ නතර වූ සංවර්ධන වැඩපිළිවෙළ යළි ඉදිරියට රැගෙන යාම සඳහා ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය ලබාදීම අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

2005 සිට තම ආණ්ඩුව ඉදිරියට ගෙන ආ සංවර්ධනය අතරමඟ නතර වූ බවත් පසුගිය යහපාලන ආණ්ඩුව වසර පහක කාලයක් නිකරුනේ නාස්ති කළ බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව සිදුකළ ක්‍රියා හේතුවෙන් රට විනාශ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News