මැතිවරණය පැවැත්වෙන සතියේ සියලු පාසල් නිවාඩුයි

Share

මෙවර මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියලුම රජයේ පාසල්වලට නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

 

අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තබනු ලැබේ.

දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ වු බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට මෙම නිවාඩුව අදාළ වේ.

Read more

Local News