ඕනෑම රටක සිට ලෙබනන් රාජ්‍යයට පැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නව රෙගුලාසි එරට ආරක්ෂක ක්ෂේත්රාධිකරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර ඇත.
කොවිඩ් – 19 පැතිරයාම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔවුන් පවසයි.
ඒ අනුව, ලෙබනනයට පැමිණෙන මගීන් සතුව PCR පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතු අතර ඔහු/ඇය ලෙබනන් බලධාරීන් විසින් නම් කරන ලද හෝටලයක නැවති සිටිය යුතු වේ.
ඒ සඳහා හෝටල් ගාස්තු ශ්‍රමිකයා විසින් ගෙවිය යුතුවන අතර, PCR පරීක්ෂණය සඳහා ගෙවීමට හා පැය 24 ක් හෝටලයක රැදී සිටීමට ප්‍රමාණවත් මුදලක් ශ්‍රමිකයා සතුව තිබිය යුතු බව දන්වා තිබේ.
PCR පරීක්ෂණය ධනාත්මක නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලබන අතර, ඒ සඳහා ද ශ්‍රමිකයා විසින් ගෙවීම් සිදු කළ යුතු බවත් ද වැඩිදුරටත් දන්වා ඇත.
මෙ අතර, බහරේන් රාජ්‍යයට අතුළුවන සියලු සංක්‍රමණිකයින් තමන්ගේ මුදලින් බහරේන් ඩිනාර් 30 ක් ගෙවා කොරෝනා වෛරස රසායනාගාර පරික්ෂණය එරට ගුවන්තොටුපළේ දී සිදුකර ගත යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත.
රසායනාගාර පරීක්ෂණය සඳහා ගෙවීම් (be aware Bahrain) යන අයදුම්පත මගින් බහරේන් රාජ්‍යයට පිටත්වීමට ගුවන්යානයට ගොඩවීමට පෙර සිදු කිරීමේ පහසුකම් ද සලසා තිබේ.
මීට අමතරව, බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි පිහිටා ඇති කවුළු මගින් එරටදී ගෙවීම් කටයුතු සිදු කළ හැකි බව ද දන්වා ඇත.



