පොළොන්නරුව බන්ධනාගාරයට ගංජා විසි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

පොළොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා හා දුම්කොළ විසි කරන ලද සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (30) උදෑසන 11.30ට පමණ මෙම සැකකරු බන්ධනාගාර නිලධාරීන් බාරයේ සිටින බවට පොළොන්නරුව පොලීසියට කරන ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු විසින් ගංජා ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 590ක් හා දුම්කොළ ග්‍රෑම් 56 මිලිග්‍රෑම් 150ක් බන්ධනාගාරය තුළට විසිකර තිබිය දී සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වු ඇතුමල්පිටිය, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (31) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News