මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ සම්පූර්ණ කරගත නොහැකි වූ සංවර්ධන කටයුතු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඉටු කිරීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ මහතා පවසයි.
නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ (30) පැවති ව්‍යාපාරික හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් බැහැර වු වෙනස් නායකයෙක් බවත් ඒ මහතාගේ චරිතයේ සුවිශේෂීතා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවිය හැකි බවත් එහිදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි දශකය ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වෙයන් යුක්ත දශකයක් බවත් එහිදී කෘෂිකාර්මික නිෂ්පාදන ඇසුරින් ගොඩනැගෙන කාර්මීකරණයක් ඇතිකිරීම ප්‍රධාන බලාපොරොත්තුව වන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.



