සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉහළට

Share

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

 

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මැතිවරණ පැමිණිලි 1950 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බවයි.

මැතිවරණය ආශ්‍රිත පැමිණිලි 685 ක් තම සංවිධානයට ලැබී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේ ය.

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළව පැමිණිලි 1460ක් ලැබී ඇති බවයි.

Read more

Local News