අනිද්දා සිට ලබන 08 වැනිදා දක්වා විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නවතයි

Share

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළි ආරම්භ විය.

 

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ ඒ අනුව අද ඩුබායි සිට 330 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බවයි.

අබුඩාබිහි රැඳී සිටින 300 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හෙට දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් මහ මැතිවරණය හේතුවෙන් අනිද්දා සිට ලබන 08 වැනිදා දක්වා කාලය තුළ විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවනු ඇති.

ලබන 8 වැනිදායින් පසු එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ය.

Read more

Local News