මැතිවරණයට ගමට යන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

Share

මහ මැතිවරණයට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ විය.

 

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා සඳහන් කළේ, කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළේ සිට අතිරේක දුරගමන් සේවා බස් රථ 200 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

පෞද්ගලික බස් රථ ද එම වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ය.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ ගල්කිස්ස – කන්කසන්තුරේ හා කොළඹ කොටුව – බදුල්ල දෙනුවර මැණිකේ දුම්රිය අද යළි ධාවනයට එක් කෙරේ.

Read more

Local News