මෙරටට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 373 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
අද (2) අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 332 දෙනෙකු සහ එංගලන්තයේ රැකියා සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.
ඊට අමතරව කොළඹ වරායේ නැංගුරම් ලා ඇති වෙළෙඳ නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 13 දෙනෙකු ද අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් කටාර්හි දෝහා සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
අදාළ ගුවන් මගීන් සියලුදෙනා ගුවන්තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.



