වරාය සේවකයන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබඳව තමන් කණගාටු වන බවත්, මැතිවරණය සමයක් තුළ සිදුකරන මෙවැනි කඩාකප්පල්කාරී සිදුවීම් පිටුපස සිටින බලවේගය කවුදැයි සොයාබැලීමට සිදුවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාපලගම ප්‍රදේශයේ දී පැවැත්වුණි.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
අනවශ්‍ය ලෙස කලබල වී ගැටලු විසඳිය නොහැකි බවත් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගත යුතු බවත් එහිදී අගමැතිවරයා පැවසීය.



