අනුරුද්ධ සම්පායෝ භාර වුණා ද

Share

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (04) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

සැකකරු ඊයේ (03) මීගමුව නිල නොලත් මහෙස්ත්‍රාත් කේ.ජී.කරුණාජීව මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සම්පායෝ දින 11ක කාලයක් අධිකරණය මඟහැර සැඟව සිටි අතර පසුව ඔහු ඉරිදා කුරුණෑගල දී අත්අඩංගුවට පත්වුණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නිල නොලත් මහෙස්ත්‍රාත්වරයා හමුවේ ඊයේ ප්‍රකාශ කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ අතර ඔහු මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත භාර වූ බවය.

තම සේවාදායකයා පොලීසියට භාරවූයේ රජය අපහසුතාවට පත් නොකර භාරවන ලෙස පාර්ශව විසින් කරනු ඉල්ලීම් මත බව ද නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.

රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගත් බවට මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් සටහනක් තබා ඇති බැවින් ඔහු පොලීසියට භාර වූ බවට පැවසීමේ හැකියාවක් නොමැති බවය.

Read more

Local News