Home දේශීය පුවත් විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම ලබන 8 වැනි දා තෙක් නවතයි

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම ලබන 8 වැනි දා තෙක් නවතයි

0
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම ලබන 8 වැනි දා තෙක් නවතයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළි තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

ඒ, එළැඹෙන මහ මැතිවරණය හේතුවෙනි.

ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, එම කටයුතු ලබන 8 වැනි දා සිට යළි ආරම්භ කරන බවයි.

ඒ අනුව, ලබන 8 වැනි දා ඩුබායිහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 660 කට අධික පිරිසක් මෙරටට පැමිණෙන බව ද ඔහු පැවසුවේ ය.

ඉන් පසු මාලදිවයින, ඕස්ට්‍රේලියාව, කටාර්, ඕමාන්, බහරේන්, මැලේසියාව, සිංගප්පුරුව, ඉන්දියාව ඇතුළු රටවල්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

මහ මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත වීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුළු කර ගැනීමේදී ඇතිවිය හැකි බාධා හේතුවෙන්, මෙම තීරණය ගත් බව ද අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here