ඇති වු හදිසි අවශ්‍යතාවයක් මත වවුනියාවේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයක් වෙනස් කිරීමට මැතිවරණ නිලධාරින් කටයුතු කර තිබේ.
අංක 113 – ඊරට්ටපෙරියකුලම පැරකුම් මහ විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය බඹර කූඩු කිහිපයක් බැඳ තිබීම හේතුවෙන් මෙලෙස වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු කළ බව වන්නි දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරී එස්.එම්. සමන් බන්දුලසේන මහතා පැවසීය.
මැතිවරණ කොමිසමේ අනුමැතිය පරිදි එම කොට්ඨාසය තුළ ම පිහිටි වවුනියාව දකුණ ප්‍රාදේශිය සභා නිවාඩු නිකේතනය හා උත්සව ශාලාව වෙත එම ඡන්ද මධ්‍යස්ථානය රැගෙන ගිය බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ බව නිලධාරීන් සියලු දෙනා වෙත දැනුම් දී ඇති අතර, ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් එම ඡන්ද මධ්‍යස්ථානයට අදාළ සියලුදෙනා දැනුවත් කළ බව ද තේරීම් භාර නිලධාරීවරයා පැවසීය.
අද උදෑසන ග්‍රාම නිලධාරිවරයා විසින් සෑම නිවසක් වෙතම මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීමක් කර ඇත.