සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Share

ඇතැම් ඡන්ද දායකයින් විසින් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා, ඡායාරූපගත කර හා වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

එසේ කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලු සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන් හා පරිපාලකයන් වෙත දැනුම්දෙන බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරයි.

Read more

Local News