ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අද – එක්වන්න සියත සමඟ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (31) අාරම්භ වෙයි.

එම තරගාවලීයේදීත් මෙරට නිල විකාශන අයිතිය ලබා සිටින්නේ Voice of Asia Network මාධ්‍ය ජාලයේ සියත අප විසිනි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියට ටෙස්ට් තරඟ දෙකක් අැතුළත් වෙයි.

එහි පළමු තරඟය අද අාරම්භ වෙයි. ඒ අනුව තරඟයේ පන්දුවෙන් පන්දුවට සජිවී අත්දැකීම ලබා ගැනීමට සියත ටිවී සමඟින් 09.00ට සිට එක්වන්න.

දෙවන තරඟය ලබන 08වන දා පැවැත්වෙයි.

අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලින් ඉන්දියාව පෙරමුණ ගෙන අැති අතර ශ්‍රී ලංකාවට හිමිව අැත්තේ 6වන ස්ථානයයි. බංග්ලාදේශයට එම ශ්‍රේණිගත කිරීම්වලින් 9වන ස්ථානයේ සිටියි.

 

Exit mobile version