හිටපු ඉන්දීය ජනපතිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටින ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව ඔහුගේ පුත් අභිජිත් මුඛර්ජි පවසයි.

 

ඒ අනුව, සිය පියාට නුදුරු දිනකදී රෝහලෙන් පිටව යාමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කර ඇත.

84 හැවිරිදි ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 10 වෙනිදා හඳුනා ගැනුණි.

ගත වූ දින කිහිපය පුරා ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා තවදුරටත් වෙන්ටිලේටර් යන්ත්‍රයේ සහයෙන් නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් බලධාරීන් නිවේදනය කර තිබේ.

Read more

Local News