ළමයින්ව දේශපාලන කටයුතු වලට සහභාගී කර නොගන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Share

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියළු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටීන්නේ දේශපාලන කටයුතු සඳහා ළමයින් භාවිත නොකරන ලෙසයි.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති වර්තමානයේදී ළමයින් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගී කර ගන්නා බවට මහජනතාවගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇත.

ළමයින්ව දේශපාලන කටයුතු වලට සහභාගී කර ගැනීම මඟින් ඔවුන්ව කායික හෝ මානසිකහිංසනයකට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් වේ.

එවැනි සිදුවීම් වෙතොත් 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය අමතා වහාම දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News