බොලිවුඞ් සුපිරි නළු සංජය දත්ට පිළිකාවක් වැළඳී ඇති බවට පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.
එය ලොව පුරා ලැව්ගින්නක් සේ පැතිර ගියේ කාගේත් සිත්තැවුල් ඇති කරමින්.
පසුගිය 8 වනදා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසා රෝහල් ගත කළා.
එහිදී ඔහුට වැළඳී ඇත්තේ ක්ෂය රෝගය හෝ පිළිකාවක් විය හැකි බවටයි වෛද්‍යවරුන් සඳහන්කර තිබුණේ.
පසුව කළ පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහුට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බවයි.
ඒ බව දැනගත් ඔහු කලබලයකට පත්වී නැහැ.
ඔහු රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තමා ගැන දුක් නොවී ඔහු වෙනුවෙන් දෙවියන් යදින ලෙයසි.