ඉන්දීය නළු සුශාන්ත්ගේ මරණය ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

Share

බොලිවුඩ් ජනප්‍රිය නළු සුශාන්ත් සිං ගේ මරණය සම්බන්ධව ගොනුකර ඇති නඩුවේ සියලු විමර්ශන ඉන්දීය සී.බී.අයි (මධ්‍යම  විමර්ශන කාර්යාංශය) විසින් භාරගනු ඇති බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කර ඇත.

සුශාන්ත් සිං මරණය සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පවතින සියලුම සාක්ෂි සී.බී.අයි වෙත භාර දෙන ලෙස ද ශ්‍රේෂ්ඨාකරණය විසින් මුම්බායි පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව සී.බී.අයි මගින් මෙම නඩුවේ විත්තිකරුවන් වන රියා චක්‍රවර්ති සහ ඇගේ පවුලේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කිරීම් ලබන සතියේ සිට ආරම්භ කරන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සුශාන්ත් සිං සිය මුම්බායි හි පිහිටි සිය නිවසේ දී පසුගිය ජුනි මස 14 වැනි දා සිය දිවි හානිකර ගෙන තිබුණි.

ඒ සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය වන ජනප්‍රිය නිළි “රියා චක්‍රවර්ති” සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ඇතුළු 06 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

රියා චක්‍රවර්ති විසින් සුශාන්ත් සිං මූල්‍යමය වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද හිරිහැරයන්ට ලක් කර ඔහු සියදිවි හානි කරගැනීමට පෙළඹවූ බවට සුශාන්ත්ගේ පියා විසින් පැට්නා පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබේ.

ඒ අනුව එම නඩුව පසුගිය 5 වන දා සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණුනි.

Read more

Local News