සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (31) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට කඩුලු 4ක් දැවී ලකුණු 374ක් රැස් කිරිමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූහ.
ඒ අනුව අද (01) දෙවන දිනය නිමා විමට පෙර බංග්ලාදේශ කණ්ඩායමට සියලු ක්‍රීඩකයන්ම දැවි පළමු ඉනිම සඳහා රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 513කි. ඒ පන්දුවාර 129ක් හා පන්දු 5ක් අවසානයේදී ය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණ 514ක ඉලක්කයක්.
එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මොමිනුල් හක් ලකුණු 176ක් ද, මුෂ්ෆිකර් රහීම් ලකුණු 92ක් ද, මහමුදුල්ලා ලකුණු 83ක් ද රැස් කළේය.
මේ වන විට පන්දුවට පහර දීම අාරම්භ කර අැති ශ්‍රී ලංකා කණ්ඩායම එක් ක්‍රීඩකයෙකු දැවී ලකුණු 14ක් ලබා ගෙන අැත.