ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් – අලි සබ්රි

Share

ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට මේ වනවිට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

 

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“සමහර කරුණු සඟවාගෙන ඉන්න බැහැ..මල් වැනි දරුවන්ට ප්‍රශ්නයක් වුණොත් එහි ප්‍රතිවිපාක ජීවිත කාලයටම බලපානවා..එවැනි දේ සම්පුර්ණයෙන් නවතා දැමිය යුතුයි..එයට අවශ්‍ය නීති ගේන්න පුළුවන්..”

“කැබිනට් අනුමැතිය ඇතිව ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට රජය කටයුතු කරනවා..”

Read more

Local News